Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ආනයනික ලොකු ළූණු සඳහා කිලෝවකට රුපියල් 40ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

දේශීය ලොකු ළූණු අස්වැන්න වෙළෙඳ පොළට ලැබෙමින් පවතින බැවින්, ලොකු ළූණු ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

දඹුල්ල ඇතුළු ප්‍රදේශවල ලොකු ළූණු අස්වැන්න නෙළමින් පවතින බැවින්, ආනයනික ලොකු ළූණු සඳහා බද්දක් පනවන්නැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද රජයෙන් පසුගියදා ඉල්ලීමක් කරනු ලැබුවා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට අනුමැතිය හිමිව තිබෙනවා

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *