දිවයිනේ එක් එක් ප්රදේශවලට විදුලිය විසන්ධි කිරීමේ සැළසුම ප්රකාශයට පත් කර තිබෙනවා.
සඳුදා (10) සිට දෛනිකව පැය දෙකහාමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දුන් බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මිට පෙර ප්රකාශ කර සිටියා.
කෙසේ නමුත් මේ වන විට නිකුත් කොට ඇති නිවේදනය අනුව, සඳුදා සිට සෙනසුරාදා දක්වා අදියර 4ක් යටතේ දිනපතා සවස 5.30 සිට රාත්රී 9.30 දක්වා පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්රකාශ කර සිටිනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ අදාළ කාල සටහන පළ කර තිබේ.
ඒ අනුව, අදාළ වේලාවන්හිදී විදුලිය විසන්ධි කරන ප්රදේශ වෙන් වෙන්ව එම සටහනේ දක්වා ඇත.
විදුලිය විසන්ධි කිරීමට අදාළ එම නිවේදනය පහතින්,
1 Comment