Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (30) දිනයේදී නව කොරෝනා ආසාධිතයන් 1662 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 108,146 ක් දක්වා ඉහළ ගියා.

ඔවුන්ගෙන් 1636 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාධිතයින්ගේ ආශ්‍රිතයන් ලෙසත්, ඉතිරි 26 දෙනා විදේශයන්හි සිට පැමිණි ආසාධිතයන් ලෙසත් ය.

මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වීම ආරම්භ වූ දින සිට එක් දිනයක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වූයේද ඊයේ (30) දිනයේදීයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 11,493 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 95,975 ක්.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාධිත මරණ 11 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ගියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *