Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දකුණු අප්‍රිකා කණ්ඩායම⁣ට එරෙහි  දෙවන හා අවසන් ටෙස්ට් තරගය ලබන ඉරිදා ජොහැනස්බර්ග් හිදී ක්‍රීඩා කිරිමට නියමිතව තිබෙනවා.එම තරගයට ක්‍රීඩකයින් හත් දෙනෙකු පමණ නොමැතිව එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වනු ඇති බවයි වාර්තා වෙන්නේ.


ඒ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ඊයේ (1)පැවති ශාරීරික යෝග්‍යතා  පරීක්ෂණය අසමත් වීම හේතුවෙන්.

Image source – getty image

මේ වන විට ළහිරු කුමාර, දිනේෂ් චන්දිමාල් සහ කසුන් රාජිත ද දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වීම අවිනිශ්චිත වී ඇති අතර,  ධනංජය ද සිල්වා ද එම තරගයට එක් නොවන බව  තහවුරු වී අවසන්.

එමෙන්ම ආබාධයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා නොකළ ඕෂද ප්‍රනාන්දුට දෙවැනි ටෙස්ට් තරගය ද අහිමි වී ඇති බවට වාර්තා වන අතර, වනිදු හසරංග අනිද්දා තරගයට ක්‍රීඩා කිරීමේ අවසන් තීරණය හෙට දිනයේදී ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ටෙස්ට් වරම් ලබා නොමැති අසිත ප්‍රනාන්දු මෙන්ම දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දුට දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් වේග පන්දු බලඇණිය ශක්තිමත් කිරීමට සිදුවනු ඇති.


පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ ළහිරු තිරිමාන්න ලබන ඉරිදා ආරම්භ වන  දෙවැනි තරගයේ දී අංක 4 පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින අතර, මිනෝද් භානුක ද එම තරගයේ දී ටෙස්ට් වරම් හිමි කර ගැනීමට ඉඩ තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කලේ.

එමෙන්ම මේ වන විට ආබාධයන්ට ලක්ව සිටින ඇතැම් ක්‍රීඩකයින්ට ලබන 14 වනදා එංගන්තයට එරෙහිව ගාල්ලේ දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වීමේ අවධානමක් මතුව තිබෙන අතර එංගලන්තයට එරෙහි පළමු තරගය⁣ට  දිනේෂ් චන්දිමාල්ට සහ සුරංග ලක්මාල්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද හිමි වනු ඇති බවටයි වාර්තා වන්නේ.

ක්‍රීඩා කළ හැකි කණ්ඩායම :

දිමුත් කරුණාරත්න
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
මිනෝද් භානුක
ලහිරු තිරිමාන්න
නිරෝෂන් දික්වැල්ල
දසුන් ශානක
වනිදු හසරංග
දුෂ්මන්ත චමීර
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *