Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයින් සඳහා මෙවර පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ද කැඳවා තිබේ.

එංගලන්ත තරග සංචාරයක් අතරතුර “ජෛව බුබුළ” උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව පසුගියදා චෝදනා එල්ල වුණි.

ඔවුන් තිදෙනා “ඩරම්” නගරයේ වීථියක සැරිසරන ආකාරය එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවුණි.

එම තරග තහනම අතරතුර මෙලෙස එම ක්‍රීඩකයින් තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට කැඳවා ඇති බව වාර්තා විය. එක් ක්‍රීඩකයෙක් ට රුපියල් මිලියන 10 බැගින් දඩයක්, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා වසරක් තහනමක් සහ දේශීය තරග සඳහා 6 මසක තහනමක් පැනවූ බව එවක වාර්තා විය.

එම වසරක තහනම නිමවීමෙන් අනතුරුව ක්‍රීඩකයින් තිදෙනාටම තවත් වසරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩාකිරීම තහනම් කෙරෙන අතර එම තහනම වසර දෙකක් සඳහා අත්හිටුවනු ලැබෙන බවද වාර්තා වී තිබුණි.

මෙවන් පසුබිමක එම ක්‍රීඩකයින් තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා කැඳවීම ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ,

මම හිතන්නේ ඒ අයට සමාවක් දෙන්න ඕනේ. ඒ තුන්දෙනාම පාඩමක් ඉගෙන ගත්තා. දක්ෂතා පෙන්නලා තියෙනවා. ක්‍රීඩකයෙක් හදන්න අමාරුයි. නැති කරන්න ලේසියි. ඒ නිසා මේ අයව ආරක්ෂා කරගන්න ඕනේ. වැරදි කරාම දඬුවම් දෙන්න ඕනේ. ඊට පස්සේ ඒ අය හැදෙන්න ඕනේ. කොහොම වුණත් තීරණය ගන්නේ ක්‍රිකට් බෝඩ් එක. යනුවෙනි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පැවසුවේ,

ඒ අය කළ වැඩේ වැරදියි කියලා පිළිගත්තා. ඒකට දඬුවම් විඳිමින් ඉන්නේ. LPL එකත් ගහන්න දුන්නා. ඒකෙදිත් ඒ අය විනය පෙන්නුවා. දක්ෂතා පෙන්නුවා. ඒ නිසා දැන් ඇති. අවස්ථාවක් දිය යුතුයි. මේ අය ආවොත් ආයෙත් මෙහෙම වෙයි කියලා කිව්වට එහෙම වෙන්නේ නෑ. පසුගිය කාලයේ එම ක්‍රීඩකයින්ව බිම දාලා පාගලා බෙල්ලත් මිරිකුවානේ.. දැන් ඇති. යනුවෙනි

Leave a Reply

Your email address will not be published.