Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය සඳහා ඖෂධයක් නිෂ්පාදනය කළේ යැයි පැවසූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා එම ඖෂධ නිෂ්පාදන කටයුත්තෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ.

දැනටත් එම ඖෂධය නිෂ්පාදන කටයුත්ත සදහා තමන්ට පුද්ගලික රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වැය වී ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

එවන් තත්වයක් යටතේ තමන් වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින නිසා තමන් මෙම කටයුත්තෙන් ඉවත් වන්නේ යැයි වරකාපොල ප‍්‍රාදේශී්‍ය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් සමග ඔහු පවසා ඇත.

කෙසේ නමුත් තමන් ජීවත් වන ගම් ප‍්‍රදේශයේ සියළු දෙනාට එකී ඖෂධය ලබාදීම දෙන බවත් ඉන්පසුව මෙම ඖෂධය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් ඔහු සඳහන් කර ඇත.

එනිසා මෙම ඖෂධය සාර්ථක ද නැද්ද යන නිසි ලෙස පරීක්ෂා කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් සභාපතිවරයා සහ මන්ත‍්‍රීවරුන් මාධ්‍ය අමතමින් කියා සිටියහ.

සෞඛ්‍ය නීති සම්පූර්ණයෙන් උල්ලංඝණය කරමින් මින් පෙර මෙම පැණිය බෙදා දුන් අවස්ථාවකදී මේ පිළිබදව සිදුවූ පැමිණිලි මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් එය නවත්වනු ලැබුවා.

එතැන් සිට ඒ සම්බන්ධව පරීක්ෂණ සිදු කෙරෙන බවට පැවසුවත් එම පැණිය අදාළ ක්‍රමවේදය යටතේ ප්‍රමිතීන්වලට අනුව මෙතෙක් තම සභාවට ලැබී නොමැති බව ජාතික පර්යේෂණ සභාව ප්‍රකාශ කර සිටියේ.

කෙසේ නමුත් රජය විසින් මෙම පැණිය ආහාර අතිරේකයක් ලෙස ලබා ගැනීමට සුදුසු යැයි සඳහන් කොට තිබුණා.

ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් නිකුත් නොකළ බවත් දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මිට පෙර දිනක ප්‍රකාශ කර සිටියා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්