Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කෑගල්ලේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික නැමති කපු මහතෙකු හට දෙවියෙකු විසින් කියන ලද වට්ටෝරුවකට අනුව සකසන ලද පැණිය ලබා ගැනීමට නත්තල් නිවාඩුවත් පසෙක තබා අදත් (25) විශාල පිරිසක් ඔහුගේ නිවස අසල පොරකමින් සිටින බව වාර්තා වනවා.

ජනතාව අලුයම සිට කිලෝමීටර් ගාණක් දිග පෝලීම්වල සිටින බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය නීති සම්පූර්ණයෙන් උල්ලංඝණය කරමින් මින් පෙර මෙම පැණිය බෙදා දුන් අවස්ථාවකදී මේ පිළිබදව සිදුවූ පැමිණිලි මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් එය නවත්වනු ලැබුවා.

එතැන් සිට ඒ සම්බන්ධව පරීක්ෂණ සිදු කෙරෙන බවට පැවසුවත් එම පැණිය අදාළ ක්‍රමවේදය යටතේ ප්‍රමිතීන්වලට අනුව මෙතෙක් තම සභාවට ලැබී නොමැති බව ජාතික පර්යේෂණ සභාව ප්‍රකාශ කර සිටියේ.

ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් නිකුත් නොකළ බවත් දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඊයේ දින ප්‍රකාශ කර සිටියා.

ධම්මික බණ්ඩාර නමින් තමන්ව හඳුන්වා ගන්නා කෑගල්ල කාලි දේවාලයේ කපු මහතා විසින් අටමස්ථාන විහාරාධිපති ස්වාමින්වහන්සේ ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරීම සියලු දෙනාගේ දෝශ දර්ශනයට ලක් විය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *