Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (10) පස්වරු 6 සිට බුත්තල ඔක්කම්පිටිය නගරයේ ඇති සියලුම වෙළදසැල් තාවකාලිකව වසා දැමීමට ඔක්කම්පිටිය නගරයේ වෙළදසැල් හිමියන් විසින් පියවර ගෙන තිබෙනවා.

ඔක්කම්පිටිය නගරය ආශ්‍රිතව දැඩි කොවිඩ් අවදානම් තත්ත්වය නිසා මෙම පියවර ගෙන ඇති අතර ඇතැම් වෙලදසැල් හිමියන් විසින් අද දහවල් කාලයේ සිටම වෙළදසැල් වසා තැබීමට කටයුතු කර ඇති බවයි වාර්ථා වන්නේ.

ඊයේ දින ඔක්කම්පිටිය නගරයේ ප්‍රජාව ආශ්‍රිතව සිදු කල රැපිඩ් පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී ඇති අතර බුත්තල ප්‍රදේශයේ සිදු කල පී.සී.ආර් පරීක්ෂණ 79 කින් කොවිඩ් ආසාදිතයින් 72 ක් හදුනාගෙන තිබෙනවා.

මෙම තත්වයන් හේතු කරගනිමින් ඔක්කම්පිටිය වෙළද සංගමය මගින් මෙම තීරණය ගෙන ඇති අතර වෙළදසැල් විවෘත කරන දිනයක් ඉදිරියේ දී ජනතාවට දැනුම් දෙන බව එම සංගමයේ සභාපති ඩී.එම්.පී.ජී දිසානායක මහතා පවසනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *