Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now




නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ පැවති නත්තල් උත්සවයකට බොකෝහරාම් ත්‍රස්තයින් විසින් වෙඩි තබා ඇත.එම ප්‍රහාරය නිසා පුද්ගලයින් 7 දෙනෙකු මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කුඩා දරුවන් ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති අතර බොකෝහරාම් ත්‍රස්තයින් විසින් එහි තිබූ සියලු දේපළද කොල්ලකා ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කළේය.

කිතුණු තරුණ සංවිධානයක් විසින් සංවිධානය කර තිබූ මෙම නත්තල් උත්සවය පවත්වා ඇති දේවස්ථානයටද ත්‍රස්තයින් විසින් ගිනිතබා තිබේ.බොකෝහරාම් ත්‍රස්තයින් පසුගිය කාලයේදී වෙඩි තැබීම් ,ළමුන් පැහැරගැනීම් වැනි ත්‍රස්ත ක්‍රියාකාරකම් බෝර්නෝ ප්‍රාන්තය තුළ සිදු කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *