Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදුව තිබේ.

ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

විමල් වීරවංශ මහතා දරමින් සිටි කර්මාන්ත ඇමති ධුරයේ එස්.බී. දිසානායක මහතා දිවුරුම් දී ඇත.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

අමාත්_යාංශ-ධුරවල-සංශෝධනයක්

මේ අතර අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒ සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

තමා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යොමු කරනු ලැබ ඇති ලිපිය ද පළ කරමින් ඔහු එහි “ස්තුතියි” යනුවෙන් සඳහන් කර ඇත.

අදාළ සටහන පහතින් දැක්වේ.

ඒ අතරම මෙම ඉවත් කිරීමට පැය කිහිපයකට පෙර රටේ පවතින අර්බුධය සහ ඒ සම්බන්ධව ජනාධිපතිවරයා වගකිව යුතු බව ප්‍රකාශ කරමින් ආන්දෝලනාත්මක Facebook සටහනක් ද හිටපු අමාත්‍ය විමල් විරවංශ සිය Facebook පල කොට තිබේ.

Leave a Reply

Your email address will not be published.