Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජනාධිපතිවරයාගේ ජපන් පිලිපීන සංචාරවලින් පසුව, එළඹෙන 03 වැනිදා නව කැබිනට් මණ්ඩලය පත්කීරීමට තීරණය වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

අවස්ථා හතරකට වැඩි ගණන දී දින වකවානු වෙන් කරගෙන කැබිනට් ඇමති මණ්ඩලය දිවුරුම් දීමට සැලසුම් කර තිබුණද එම සෑම අවස්ථාවක්ම අවලංගු වී තිබුණත් මෙවර එසේ නොවනු ඇතිබව එම ආරංචි මාර්ග කියයි.

කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම ජනාධිපතිවරයා විසින් දිනෙන් දින කල්දැමීම හේතුවෙන් මේ වනවිට ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුද උත්සන්න වීම නිසා පොහොට්ටුව තුළින්ම මෙම දිවුරුම් දීම කඩිනම් කිරීමට දැඩි බලපෑමක් ඇති වී තිබේ.

ජනාධිපතිවයා හෙට අලුයම (26) සංචාරය සඳහා පිටත්ව යෑමෙන් පසු ලබන 01 දා යළි දිවයිනට පැමිණීමට නියමිතය. ඒ අනුව ලබන මස 03 වැනිදා නව කැබිනට් මණ්ඩලය පත් කරනු ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති ඇමති ධූර අපේක්ෂක ලයිස්තුවෙ ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ රෝහිත අබේගුණවර්ධනට කැබිනට් ඇමති ධූර ලබා දීමේ යෝජනාවට පොදු ජන පෙරමුණෙන්ම විරෝධය පලවීම නිසා ජනාධිපතිවරයා නව කැබිනට් මණ්ඩලය පත් කිරීම දිනෙන් දින ප්‍රමාද කළ බව අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.

කැබිනට් ඇමති ධූරයක් අපේක්ෂාවෙන් සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ කැබිනට් මණ්ඩලය පත් කිරීම තව දුරටත් ප්‍රමාද වීම නිසා ආණ්ඩුව අභ්‍යන්තරයේ ආරවුල් ඇති වීම ආරම්භ වී ඇති බවය.

එම තත්ත්වය සමනය කරගනිමින් ආණ්ඩුවේ වැඩකටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා නව ඇමති මණ්ඩලය පත් කිරීම කඩිනම් කරන ලෙස අවස්ථා දෙකක දී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව එම මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

කැබිනට් මණ්ඩලය පත් කිරීම කල් දැමීම පිළිබඳව මේ වනවිට පොහොට්ටුවෙන් ඇති වී තිබෙන විරෝධතාවය නිසා ලබන 03 වැනිදා නව කැබිනට්ටුව දිවුරුම් දීම සිදුවනු ඇති බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *