ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අද (19) උදෑසන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කරයි.
ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ සිදු වූ පුරප්පාඩුව පියවමින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත් කළ අතර, ඒ මහතාගේ පත්වීම පිළිබඳව සර්ව ආගමික නායකයන්ගේ දේශපාලන අධිකාරියේ සමස්ත රාජ්‍ය සේවාවේ නියැළී සිටින සියලු දෙනාගේ ආශීර්වාදය සහ සුබපැතුම් ඔහු වෙත මේ වන විටත් ලැබෙමින් පවතී.
ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් රටත් පොදු ජනතාවත් සෞභාග්‍ය සහ සංවර්ධනය සහිත දේශයක් කරා රැගෙන යෑමට රජය ගෙන යනු ලබන ක්‍රියාමාර්ග වඩාත් සාර්ථකව ප්රතිඵලදායි ලෙස මෙහෙයවීම නව ලේකම්වරයාගේ අදහස වී තිබේ.
ලේකම්වරයා රාජකාරි කටයුතු ආරම්භ කරන අවස්ථාවට බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් සර්වාගමික නායක හිමිවරුන්, පූජක ප්රසාදින්වහන්සේලා ප්‍රධාන සම්භාවනීය අමුත්තන් රාශියක් ද සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.