ගෙවී ගිය 2021 වසර Ceylon News Factory අප, ඔබ වෙත සමීප වූ අවුරුද්දයි.
ගෙවුණු වසරකටත් අඩු කාලය තුල අපගේ වෙබ් පිටුව පරිශීලනය කරන මිලියනයකට අධික ඔබගේ ආදරය , විශ්වාසය මත අද වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙබ් අඩවි අතරට අපේ නමත් එකතු කරන්නට අපිට හැකියාව ලැබුණා.
කොවිඩ් වසංගතය, දිනෙන් දින උග්‍ර වන ආර්ථික අර්බුධය, ආපදාවන්, ඔබ දැනගත යුතුම සමාජ සිදුවීම්, ක්‍රීඩාව යන සියලු අංශයන් ඉතා විශ්වාසවන්තව වේගවත්ව ඔබ වෙත ගෙන ඒමට ලැබීම ම යම් අතකින් අප ලැබූ ජයග්‍රහණයක්.
එකී සේවාව තව තවත් හොඳින් ඔබ වෙත සමීප කිරීම, 2022 වර්ෂය උදා වීමත් සමඟ අප කණ්ඩායම ප්‍රාර්ථනා කරන පළමු පැතුමයි.
2022 නව වසර සමස්ත ලංකාවාසී ලෝකවාසී සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි නිරෝගීමත් සුභ නව වසරක් වේවායි Ceylon News Factory අපි ඔබට මෙලෙස සුබ පතන්නෙමු !!!

2 Comments