බම්බලපිටිය සහ වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩගසා තිබිය දී මළ සිරුරු දෙකක් අද සොයාගෙන තිබෙනවා.
මෙම සිරුරු පිරිමි පුද්ගලයින්ගේ බවට හඳුනාගෙන ඇති අතර, අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගැනීමට නො හැකි වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
වැල්ලවත්ත මුහුදු වෙරළෙන් හමුවූ මළ සිරුරේ හිසක් නොමැතිව හමුවී තිබෙන අතර සිරුර සම්පූර්ණයෙන්ම විකෘති වී තිබෙනවා.
මෙලෙස ගොඩබිමට ගසාගෙන පැමිණ ඇති මළසිරුරු හේතුවෙන් අදාළ ප්‍රදේශයන් ගේ දැඩි දුගඳක් හමන බවත් වාර්තා වනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුරටත් පැවසුවේ, මෙම මළ සිරුර කාගේ ද යන්න මෙතෙක් නිශ්චිතව හදුනාගෙන නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කොට තිබෙනවා.