Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුවේ සභාපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව පත් කර තිබෙනවා.

ඊයේ (07) දිනයේ මෙම පත් කිරීම සිදුකර ඇති අතර මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වන අතර අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා විසින් එය ස්ථිර කර තිබුණා.

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සමාජික මන්ත්‍රීවරුන් නව සභාපතිවරයා ඉදිරියේ දී රාජ්‍ය පරිපාලනය, සෞඛ්‍යය ප්‍රතිපත්ති, අධ්‍යපන ප්‍රතිපත්ති, ධීවර හා ආහාර ප්‍රතිපත්ති, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවිකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනීමට අනුකමිටු කැඳවීමට තීරණය කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *