Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (25) පස්වරුවේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වීම නිසා නගරය හරහා රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ දුරට ප්‍රධාන මාර්ගයේ අඩි තුනක් පමණ වැසි ජලයෙන් යට වි තිබේ.

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය.

සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට වීම නිසා එම නගරයට පිවිසෙන පාරිභෝගික ජනතාව සෞඛ්‍ය ගැටළු මෙන්ම ගමනාගමන ගැටළු රැසකට මුහුණ පා සිටිති.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාවලපිටිය නගර සභාව විසින් ඉකුත් මස නගරයේ ජලය රැස්වීම සම්බන්ධයෙන් තාවකාලික පිලියම් යෙදුවද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවද පාරිභෝගිකයන් කියා සිටියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *