Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නාවිකයින් 43 දෙනෙකු සහ ගවයින් 5,800 ක් සමග Gulf Livestock 1 නෞකාව පැසිපික් සාගරයේ අතුරුදහන් වී ඇති අතර එහි සිටි එක් නාවිකයෙකු මුහුදේ පාවෙමින් සිටිය දී ජපන් වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාවක් මගින් ඊයේ දිනයේදී බේරා ගැනුනා.

මෙම සතුන් ප්‍රවාහනය කරන (Livestock Carrier) වර්ගයේ නෞකාව ඉකුත් අගෝස්තු මස 17 වෙනිදා නවසිලන්තයේ නේපීයර් වරායේ සිට චීනයේ ටැන්ගාෂන් වරාය බලා යාත්‍රා කරමින් තිබී ඇති අතර චීනයට නැගෙනහිරින් පිහිටි මුහුදු කලාපයේ ඇති වූ ‘Maysak’ සුළි කුණාටුවට මෙම නෞකාව හසුවන්නට ඇති බවට සැක කෙරෙනවා.

කෙසේ වෙතත් අතුරුදහන් වීමට පෙර ඊයේ දිනයේ දී එම නෞකාවෙන් ආපදා සංඥා ලැබී ඇති අතර අතුරුදහන් වූ කාර්ය මණ්ඩලයට පිලිපීන ජාතිකයන් 39ක් ඕස්ට්‍රේලියානු ජාතිකයන් 2ක් හා නවසීලන්ත ජාතිකයන් 2ක් අයත්ය වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *