Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට සේවය සැපයූ නෞකා ද්විත්වයක් නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුනා.

එම උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී පැවැත්වුනා.

මෙලෙස දශක හතරක් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ආරක්ෂාව වෙනුවෙන් දිවා රෑ සේවයේ නිරතව සමුගෙන ගිය නෞකා වන්නේ ‘වීරයා’ සහ ‘ජගතා’ යි.

යුධ නෞකාවක් නාවික හමුදා සේවයට එක්වීම රටේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් විශේෂ බලපත්‍රයකින් අධිකාරියට පත් කිරීම මගින් සිදු වන අතර, යුධ නෞකාවක් නාවික සේවයෙන් ඉවත් කිරීමද ජනාධිපතිවරයාගේ විශේෂ අනුමැතියක් සහිතව සිදු වන කටයුත්තක්.

ඒ අනුව, ‘වීරයා’ සහ ‘ජගතා’ යුධ නෞකාවන් අධිකාරියෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පූර්ව අනුමැතිය මත මෙම ඉවත්කිරීම සිදු කරතිබෙනවා.

මෙම නෞකා ද්විත්වය නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසුව ඉදිරි දිනකදී ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කෘතිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

‘වීරයා’ සහ ‘ජගතා’

1972 වසරේ රියර් අද්මිරාල් ඩීවී හන්ටර් නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ අවදියේ ‘Her Majesty’s Ceylon Ship Weeraya’ සහ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ ලෙස අධිකාරයට පත්කර නාවික හමුදා සේවයට එක්කෙරුණු ‘වීරයා’ නෞකාව, එතැන් සිට වසර 48 ක පමණ කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්ව අඛණ්ඩව ජාතියට සේවය කොට ඇත.

1980 වසරේ රියර් අද්මිරාල් ඒඩබ්එච් පෙරේරා නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ අවදියේ අධිකාරියට පත්කර නාවික සේවයට එක්කළ ‘ජගතා’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්ව වසර 40 ක අඛණ්ඩ ජාතික සේවයක් ලබා දී ඇති අතර, මෙම නෞකා ද්විත්වය 1961 වසරේදී මහජන චීන සමූහාණ්ඩුවේ නිෂ්පාදනය කර ඇත.

1980 දශකයේ මුල් භාගයේ පළමු ඊලාම් යුද්ධය ආරම්භ වීමත් සමඟ අතිශය කාර්යබහුල වූ මෙම නෞකාවන් වෙතින් කරෙයිනගර් දූපත ආශ්‍රිත මුහුදේ සිදු වූ අවි ජාවාරම් සහ ත්‍රස්ථ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා සිදු වූ දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවට බෙහෙවින් වැදගත් විය. මෙම නෞකා නිෂ්පාදනයේ සිට අඩසිය වසකට වැඩි කාලයක් භාවිතා කිරීමෙන් පසු මේ වන විට කාර්යක්‍ෂමව සහ ඵලදායි ලෙස යෙදවිය හැකි උපරිම කාලය සම්පූර්ණ කර ඇත

.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *