Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නාවික හමුදා සෙබළුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයන් සොයා සිදුකරන ලද වැටලීම්වලදී බවට සැක යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා.

ඔවුන්ගේ සම්බන්ධතා ජාලය සම්බන්ධයෙන් මේ වන විට හඳුනාගනිමින් ඇති බවද ඔහු කියා සිටියා.

මේ වන විට මෙරට කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල දමා ඇති බවත් එනිසා තවදුරටත් ආසාදිතයන් හඳුනා ගැනීමේ කටයුතු වේගවත් කර ඇති බවත් ඔහු සඳහන් කළා.

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සෙබළුන් 30 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.