Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නැගෙනහිර පාළාතට ඇතුළු වීමේ දී හා එහි දිස්ත්‍රික්ක අතර පොලිස් මාර්ග බාධක යොදා සංචරණ සීමා පනවා තිබෙනවා.

කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර මාර්ග බාධක යොදා ඇති බවත් එබැවින් ජනතාවට සංචරණය සීමා කරන ලෙසත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දැනුම් දෙනවා.

ඊට අමතරව පළාතේ සියලු නගරවල වෙළඳසැල් පස්වරු හයෙන් පසුව වසා දැමීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද ආණ්ඩුකාරවරිය ඉල්ලීමක් කරනවා.

මේ අතර සවස හයෙන් පසු අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට ජනතාව නගරවලට ඇතුළු වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ලබාදී තිබෙන බවයි ආණ්ඩුකාර කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *