Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශිත සමය එළඹීමත් සමඟ යුරෝපයේ නව කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බව ට පුරෝකථනය කර තිබෙනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ අනු ප්‍රභේද කිහිපයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත්තේ.

ඒ අනුව මහජන සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවන්නේ එන්නත් වර්ගය පිළිබඳව නොසිතා බූස්ටර් එන්නත ගැනීමට කටයුතු කළ යුතු බවයි.

පසුගිය සතියේදී යුරෝපයෙන් කොවිඩ් රෝගීන් මිලියන 1.5 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

එය ඊට පෙර සතියට වඩා 8% කින් ඉහළ අගයක් බවයි වාර්තා වන්නේ.

මේ අතර යුරෝපයේ කොවිඩ් ආසාදනයෙන් රෝහල්ගත කරන රෝගීන් ප්‍රමාණයද ඉහළගොස් ඇති බව ද වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදනයෙන් රෝහල්ගත කළ ප්‍රමාණය සතියක් තුළ 45% කින් ඉහළගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *