Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එළඹෙන උත්සව සමයේදී රට සම්පූර්ණයෙන් වසා දැමීමක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

තත්ත්වය පාලනයට ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.

ආර්ථිකය කඩා වැටුණු මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකාව වැනි රටක් සම්පූර්ණ ලොක් ඩවුන් තත්ත්වයක් හෝ දැඩි සංචරණ සීමා දැමීම ප්‍රයෝගික නොවන බවයි ඔහු සඳහන් කළේ.

උත්සව සමය තුළදී ජනතාව වගකීම් සහගතව හැසිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *