Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද අලුයම සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ ද විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් දියත් කරන ලද වැඩ වර්ජනය සම්පූර්ණ විදුලිය අක්‍රිය කිරීමකින් තොරව යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

මේ වනවිට බොහෝ විදුලි බලාගාරවලට සම්බන්ධිත පද්ධති තවමත් අක්‍රියව පවතින බැවින් දිවයිනේ බොහෝ පුදේශවලට විදුලිය නොමැති බව වාර්තා වේ.

මේ වනවිට නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකව ඇතත් සෙසු බලාගාර තවම නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

මේ අතරින් ලක්ෂපාන කැනියොන් විමලසුරේන්දු සහ පොල්ටිය ජල විදුලි බලගාර සම්පූර්ණයෙන්ම අක්‍රියව පවතින අතර ඒවා ඒකින් ඒක පද්ධතියට සම්බන්ධ කරන තෙක් මෙම විදුලිය ඇණ හිටීම ක්‍රියාත්මක වනු ඇති බවත් ඒතෙක් ඉවසිලිවන්තව ක්‍රියා කරන ලෙසත් මහජන උපයෝගිතා කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අද දින පාරලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි බල සංශෝධන පනත ට එරෙහිව ඊයේ මධ්‍යම රාතියේ සිට විදුලිය ඇතුළු සමස්ත වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කළ අතර මේ පිළිබද සාකච්ඡා ඊයේ මධ්‍යම රාත්‍රිය ඉක්මවාත් පැවත්විණි.

ඒ අනුව ජනාධිපතිවරයා මැදිහත්ව මෙම විදුලි බල පනතට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සිදු කරන බවට වූ පොරොන්දුව මත වෘත්තීය සමිති වර්ජනය අත්හිටුවවද අවසන් විසදුම ලැබෙන තෙක් සම්පුර්ණ විදුලිය බිද වැටීමකින් තොරව වර්ජනය කියාත්මක කිරීමට මේ වනවිට වෘත්තිය සංගම් තීරණය කර ඇත.

අදාළ විවාදිත පනත අද පෙරවරුවේ පාර්ලිමේන්වට ඉදිරිපත් වීමට නියමිතය.

මේ අතර ඊයේ (08) මධ්‍යම රාත්‍රීයේ සිට ඇතැම් වෘත්තීය සමිති විසින් ආරම්භ කිරීමට තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව නිවේදනය කර ඇති නමුත් පද්ධති පාලන මධ්‍යස්ථානයේ උපදෙස් මත 8වන දින රාත්‍රියේ පද්ධතියෙන් ඉවත් කළ සමහර ජනක යන්ත්‍ර නැවත පද්ධතියට සම්බන්ධ කිරීමට මේ දක්වා උපදෙස් ලබා දී නොමැති බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒජීයූ නිශාන්ත පවසයි.

ග්‍රිඩ් උපපොලවල් මගින් බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීමට පද්ධති පාලන මධ්‍යස්ථානය විසින් අදාළ ග්‍රිඩ් උපපොලවල් වෙත උපදෙස් නිකුත් කර ඇති නමුත් 8වන දින රාත්‍රියේ පද්ධතියෙන් ඉවත් කරන ලද ජල විදුලි බලාගාර කිසිවක් මේ දක්වා නැවත පණ ගැන්වීමට උපදෙස් ලබා නොදීම හේතුවෙන් ඇතැම් ජලාශ පිටාර මට්ටමට ලඟාවෙමින් පවතින බවත් මෙය පැයක් තුළ යථා තත්ත්වයට පත් කරගත හැකි තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.

ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී  සංගමය විදිහට මේ වෘත්තීය ක්‍රියා මාර්ගයට අප සහභාගී වෙලා නෑ. අපි මේ අවස්ථාවේ දී මේ වැඩ වර්ජනයට එකඟ නෑ. මහවැලි සංකීර්ණයෙත් ලක්ෂපාන සංකීර්ණයෙත් පද්ධති එකතු කරගන්න අවශ්‍ය  උපදෙස් පද්ධති පාලන මධ්‍යස්ථානයෙන් ලැබිල නැති නිසා තවමත්  ප්‍රදේශ ගණනාවක විදුලිය අත්හිටවලා තියනවා. මේ වනවිට යම් ප්‍රමාණයක් පද්ධතිගත කිරීම් ආරම්භ වෙලා තිබුණත් ලක්ෂපාණ සංකීර්ණයේ ධාරිතාව උපරිම තත්වයකට ඇති වෙලා නෑ,

මෙවැනි තත්තවයක දී පද්ධතියේ දෝෂ නැති නිසා පැයකට අඩු කාලයක් තුළ යළි පද්ධතිය යථාවත් කළ හැකියි.

යනුවෙන් ඔහු වැඩිදුරටත් දන්වා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *