අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ කොටුව සහ මහනුවර අතර ධාවනය වූ දුම්රිය 8ක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
පවතින අයහපත් කාලගුණය මධ්‍යයේ දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත සේවකයින් දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු වල නිරතව සිටින අතර එම කටයුතු අවසන් වූ වහාම අවලංගු කරන ලද දුම්රිය නැවත මාර්ගයට ගෙන ඒමට අපි බලාපොරොත්තු වන බව ඔවුන් පවසයි.