Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිදන්ගත ස්නායු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් කඩිනමින් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට පියවර ගතයුතු බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා කියා සිටියේ, 

නිදන්ගත ස්නායු රෝගීවලින් පෙළෙන සමහර අය, උදාහරණයක් ලෙස ආගාතය, පාකින්සන් ඩිසීස්, ඉවෙන්ශියා. මේ කියන රෝගීන් දන්නවා තමන්ගේ රෝගී තත්ත්වය. මෙවන් වූ රෝගී තත්ත්ව තියෙන කෙනෙක් සමහරවිට හිතේ ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන් මේ එන්නත ලබාගැනීම සුදුසුද මේ එනන්තෙන් හානියක් සිදුවෙනවාද කියන එක ගැන. එනන්ත මගින් ස්නායුගත සංකූලතා ඉතාම නොසැලකිය හැකි මට්ටමක පවතින්නේ. ඉතාම කලාතුරකින් තමයි එහෙම තත්ත්වයන් ඇතිවෙලා තියෙන්නනේ. ඒ නිසා නිර්දේශයක් විදිහට ඔබ නිදන්ගත ස්නායු රෝගයකින් පෙළෙනවා නම් ඔබ ළඟම තියෙන තැනට ගිහින් කුමක් හෝ එනන්තක් ලබාගැනීම තමයි දැනට තිබෙන ගැලවුම

යනුවෙනි.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය පැනවුවද එන්නත්තකරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ දෙවන එන්නත් මාත්‍රාව ලබාගත යුතු පුද්ගලයන්ට නියමිත දිනට එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත යෑමට අවසර හිමි වන බවය.

එමෙන්ම මෙතෙක් එන්නත් ලබානොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ද එන්නත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් කමිටු මගින් එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත ලබන 23 වන සඳුදා දිනට පෙර වාර්තා කළ යුතු වේ.

1906 ක්ෂණික දුරකථන අංකයට හෝ කොවිඩ් මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් ද ඒ සඳහා ලියාපදිංචි වීමේ පහසුකම ලබාදී ඇති අතර මෙම එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අංශ උපදෙස් අනුව හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට තීරණය වී තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *