තිස්සමහාරාම මහජන හන්දියේ පිහිටි නිවසක නිදන කාමරයේ සිවිලිම මත ඉතා සූක්ෂම අයුරින් සගවා කසිප්පු විකිණීමේ ජාවාරමක නිරත වු 26 හැවිරිදි දෙදරු මවක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විහාර මාවත, තිස්සමහාරාම ලිපිනයේ පදිංචි 26 හැවිරිදි දෙදරු මවකි.
සැකකාර කාන්තාව කලක් තිස්සේ සිය සැමියා සමඟ එක්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සැකකාරිය පිළිබදව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමේදී සැකකාරියගේ නිවසේ නිදන කාමරයේ සිවිලිම මත සගවා තිබු කසිප්පු ස්ප්‍රිතු බෝතල් 80ක් අත්අඩංගුවට තිබෙනවා.
වැටලිම සිදුකරන අවස්ථාව වන විට සැමියා නිවසේ නොසිටි අතර සැකකාර කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.