මිහින්තලේ සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන කඳවුරේ පසුගිය 6වනදා සිට පැවති ජාතික නිදහස් දින උළෙලේ පෙර පුහුණුවීම්වලට සහභාගි වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් අතර සිදුකළ අහඹු පරීක්ෂණ 90 කින් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ වන විට අනාවරණය වී ඇත්තේ පෙර පුහුණුවීම්වලට සහභාගිව සිටි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් අතර උණ, සෙම්ප්රතිෂ්යාව, කැස්ස වැනි රෝග ලක්ෂණ පැවති බවයි.
ඒ අනුව එම රෝග ලක්ෂණ පෙන්නුම් කළ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් මිහින්තලේ ප්‍රදේශයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවීමට පියවර ගැනීමෙන් අනතුරුව 200ක පමණ පිරිසක් ලබන 4වනදා පැවැත්වෙන ජාතික නිදහස් දින උළෙලේ කොළඹ පැවැත්වෙන පෙරහුරුව සඳහා යොමුකර තිබෙනවා.
ඒ, ඔවුන් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණවලට භාජනය කිරීමකින් තොරවයි.
මෙම තත්වය හමුවේ කොළඹ පැවැත්වෙන ජාතික නිදහස් දින පෙරහුරුවට සහභාගිවන සෙසු පිරිස් ද අවදානමට ලක්ව ඇති බවයි අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කරන්නේ.