Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් ගායකයන් විසින් තම නිර්මාණයක් අවසරයකින් තොරව ව්‍යාපාරික කටයුත්ත යොදාගෙන ඇති බවට චෝදනා කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ විරසිංහයන් මෙරට ගායක ගායිකා සංගමය වන ඔස්කා සංවිධානයේ ඔවුන් දරණ ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔවුන් විසින් ඔස්කා සංවිධානය වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබෙනවා.

ජනප්‍රිය ගායක දෙපලක් වන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන්, තමන් ජැක්සන් ඇන්තනී මහතාගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයක් මෙලෙස වාණිජ කටුයුත්තක් සදහා යොදාගෙන ඇති බවට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා පවසනවා.

ඔවුන් සදහන් කරන්නේ මෙලෙස භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් සම්බන්ද සමාගමක් විසින් වාණිජ කටුයුත්තක් සදහා යොදාගෙන බරපතල බුද්ධිමය දේපල පැහැරගැනීමේ වරදක් සිදුකර ඇති බවයි.

මේ පිළිබදව ගායක ගායිකාවන්ගේ සංගමය වන ඔස්කා සංවිධානයටද ඔවුන් පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව භාතිය හා සන්තුෂ් තමන් හමුවේත් ඔස්කා සංවිධානයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා හමුවේත් වරද පිළිගෙන ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් රුපියල් මිලියනයක වන්දියක්ද රෝහණ වීරසිංහ මහතා සහ සුනිල් ආරියරත්න මහතා ඉල්ලා ඇතිබවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් භාතිය හා සන්තුෂ් අදාල මුදල නොගෙවා එය හෙට්ටු කරමින් පිළිගත නොහැකි කරුණු ඉදිරිපත් කළ බවයි ඔවුන් සදහන් කරන්නේ.

මේ පිළිබදව ඔස්කා සංවිධානයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා දියාරු ස්වභාවයක කටයුතු කරන බැවින් තමන් ඒ පිලිබඳ අප්‍රසාදය පලකරන බවයි ඔවුන් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *