Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන්වූ තිරුකුමාර් නඩේසන් මහතාගේ බිරිඳ වන නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාව හැර ගොස් තිබෙනවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අභ්‍යන්තර ආරංචි මාර්ග වෙත තහවුරු කළේ ඇය එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK655 දරණ ගුවන් යානයෙන් ඊයේ (5) රාත්‍රී 10.25ට පිටත්ව ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ඇයගේ සැමියා වන තිරු නඩේසන් මෙරටින් පිටව ගොස් ඇතිදැයි තවමත් වාර්තා වන්නේ නැහැ.

නිරූපමා රාජපක්ෂ යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත් ඥාති සොහොයුරියකි.

ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමග එක්ව නිරූපමා රාජපක්ෂ මහත්මිය ව්‍යාජ සමාගමක් (shell company) පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා වල සඳහන්ව තිබුණා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 4 වන දින අදාළ අනාවරණය සිදුවූ අතර ඉන් අනතුරුව ඉන් දින දෙකකට පසුව පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත තමන්ට වාර්තාවක් සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළත් මේවන තුරුම ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ජනාධිපතිවරයා ගත්තේ නැහැ.

එවන් පසුබිමක ඇය මෙරටින් පළායෑම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published.