Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ මහ නගර සභා සිමාවේ නිරොධායනයට ලක්ච ඇති නාගරික මහල්‌ නිවාස වචන මුවදොර උයන, සිරිමුතු උයන, සිරිසඳ සෙවන, රන්දිය උයන, මෙන්සද සෙවන, මිණිජය සෙවන, රන්මින්‌ සෙවන, සන්හිරු සෙවන, එන්‌. එච්‌. එස්‌. මහල්‌ නිවාස මාලිගචත්න පදිංචිකරුවන් වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, අපස්මාරය, හතිය, අධි රුධිර පීඩනය, කොලෙස්ටරොල්‌, වකුගඩු රෝග හො පිළිකා වැනි දිගු කාලීන රෝගවලින්‌ පෙළෙන අයට (COVID) ආසාදනය වීමේ අවදානම වැඩි අතර එහි සංකුලතා ඇතිවීමේ අවධානම වැඩි අතර

ඒ හේතුවෙන් එවැනි රෝග සඳහා බෙහෙත් ලබා ගන්නා අය කොරෝනා ආසාදනය වීමෙන්‌ ආරාක්ෂා වීමට සහ එහි සංකූලතා වළක්වා ගැනීම සඳහා දිගටම එම ඹෟෂධ ලබා ගත යුතුය. ඔබ දීර්ඝ කාලින බෝ නොවන රෝගයකට ඔෟෂධ ලබා ගන්නා බව ඔබේ මහල්‌ නිවාසයේ ඔබ වෙසෙන මහල භාර පොලිස්‌ නිලධාරියාට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ අදාළ කළමනාකාරවරයාට දැනුම්‌ දෙන ලෙස එම නිවේදනයේ සඳහන්.

තවද ඔබේ නම, වයස, ලිපිනය සහ ඔබ සාමාන්‍යයෙන්‌ බෙහෙත්‌ ලබා ගන්නා ඩිස්පෙන්සරියේ (බෙහෙත්‌ ශාලාවේ) හෝ රෝහලේ නම ඔබේ මහල්‌ නිවාසයේ ඔබ වෙසෙන මහළ භාර පොලිස්‌ නිලධාරියාට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ අදාළ කළමනාකාරවරයාට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර සිටියි.

ඔඑවිට ඔබ නිවසේ රැඳී සිටියදීම ඔබට අවශ්‍යය බෙහෙත් නිවසට ලැබීමට සැලසීමට ඔවුන් කටයුතු කරනු ඇත.

තවද යම් අයෙකුට උණ, කැස්ස, උගුරේ වේදනාව, ඇඟ පත රුදාව, හුස්ම ගැනීමේ අපහසුව හෝ පපුවේ චේදනාව වැනි
රෝග ලක්ෂණ දැනෙනවානම්‌ ඉහත නිලධාරීන්ට හෝ ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාට හො මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වහාම දුරකතනයෙන්‌ අමතා උදව්‌ ලබා ගන්නා ලෙස තවදුරටත් දන්වා ඇත.

වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 1999 උපකාරක දුරකථන අංකය අමතා උපදෙස්‌ ලබා ගන්න.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *