Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කළුතර ශ‍්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් රියැදුරකු එම ස්ථානයෙන් පැන ගොස් බීමත්ව මහ මඟ වැටී සිටියදී දකුණු කළුතර පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වසා දැමුනු මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් 53 දෙනකු නිරෝධායනය සඳහා කළුතර ශ‍්‍රී ලංකා පොලිස් විද්‍යාලයට එවා තිබූ අතර මෙම පොලිස් රියැදුරු ද ඉන් එක් අයෙකි.

පොලිස් විද්‍යාල පරිශ‍්‍රයෙන් රාත‍්‍රියේ පැන ගොස් ත‍්‍රිරෝද රථයකින් කළුතරට පැමිණ ඇති මොහු මත්පැන් පානය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඉන්පසු කළුතර ගමගොඩ රජවත්ත ප‍්‍රදේශයේ නිවසක් අසල මොහු බීමත්ව වැටී සිටියදී එහි නිවැසියන් මේ බව දකුණු කළුතර පොලිසියට දැන්වීමෙන් පසු පොලිස් නිලධාරීන් එහි ගොස් තිබුණා.

මොහු මිනුවන්ගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයකු බවත්, පොලිස් විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටියදී පලා ආ බවත් හෙළි වී ඇත්තේ මොහු දකුණු කළුතර පොලිසියට ගෙන ආ පසුවයි.

ඒ අනුව මෙම පොලිස් නිලධාරියා සහ ඔහුව දකුණු කළුතර පොලිසියට ගෙන ආ උප පොලිස් පරීක්‍ෂකවරයකු, පොලිස් කොස්තාපල්වරයකු හා පොලිස් රියැදුරකු ද නිරෝධායනය සඳහා පොලිස් විද්‍යාලයටම ගෙන ගොස් තිබෙනවා.

කිසියම් පුද්ගලයකු මහමඟ වැටී සිටින බව පොලිසියට දැන්වූ නිවෙස් හිමිකරු ඇතුළු එම නිවසේ නිවැසියන් අටදෙනකු ද මේ වන විට එම නිවස තුළම නිරෝධායනයට ලක්කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *