Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලුදෙනාට එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් නිරෝධායන ඇඳිරි නීතිය දැමීමේ තීරණයට එළැඹි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, සැප්තැම්බර් 01 වනදා ට පෙර ඔවුන්ට එන්නත් දී අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

නිරෝධායන ඇඳිරිනීතිය අද (20) රාත්‍රී 10 සිට අගෝස්තු 30 වනදා අලුයම 4 තෙක් පැනවිණි.

ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් මර්දන කමිටු හරහා එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත 23 සඳුදා දිනට පෙර වාර්තා කළ යුතුය.

එසේම 1906 ක්ෂණික දුරකථන අංකයට හෝ කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට කතා කිරීමෙන් ලියාපදිංචි වීමේ පහසුකම ද සලසා තිබේ.

මෙම එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට ද තීරණය කෙරිණ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ රැස්වීමක් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවතිනි. නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ කෘෂිකාර්මික, ඇඟලුම් හා ඉදිකිරීම් කර්මාන්ත, අපනයන කර්මාන්ත, ඖෂධ අළෙවිසැල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා හා ගුවන්තොටුපොළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරනනන් පිළිබඳව සොයා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා විසින් පොලිස්පති වෙත උපදෙස් දී තිබේ.

මෙම කාල සීමාවේදී දේශීය ඖෂධ ග්‍රාමීය සහ නාගරික මට්ටමින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දෙනු ලැබිණ. මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය පැවතියද ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව මහනුවර ඇසළ පෙරහැර පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

අති පූජනීය දළදා වහන්සේ ට ගෞරවයක් වශයෙන් එම තීරණය ගනු ලැබූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *