Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ස්වයං නිරෝධායනයට යොමු කර සිටි සිවුදරු මවක් අලුයම මිය ගොස් ඇති බව බගවන්තලාව සෞඛ්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසුවා.

මෙසේ ජිවිතක්ෂයට පත්වි ඇතිතේ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතුයායට අයත් කැමිපිියන් වත්ත පහල කොටසේ පදිංචිව සිටි කනදයියා තෙයිවානේ නැමැති ( 69 ) හැවිරිදි සිව්දරු මවකි.

ජිවිතක්ෂයට පත් කාන්තාවගේ දියනිය සහ මිණිබිරි බත්තරමුල්ල ප්‍රදේශයේ රැදි සිට ඉකුත් (16) වෙනි දින මවගේ නිවසට පැමිණිමෙන් අනතුරුව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ජිවිතක්ෂයට පත් කාන්තාව ඇතුළු එම පවුලේ පස් දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබුණා.

ජිවිතක්ෂයට පත් කාන්තාවගේ මරණ පරික්ෂණය බගවන්තලාව ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක වර්ධන් ධනලෙච්චමි මහත්මිය විසින් සිදු කල අතර මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේඥය අධීකරණ වෛද්‍යයවරිය වෙත යොමු කරන ලෙස හදිසි මරණ පරික්ෂක වරිය විසින් බගවන්තලාව පොලිසියට නියෝග කලහ .

මේ අතර මියගිය කාන්තාවගේ පි.සි.ආර් පරික්ෂණයක්ද බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිදු කරනු ලැබුවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *