Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තිස්සමහාරාම ප්‍රදේශයේ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු රහසිගතව වෙනත් රෝග ලක්ෂණ සඳහන් කරමින් හම්බන්තොට මහරෝහලට ප්‍රතිකාර සදහා ඇතුල්වී සිටියදී එම තැනැත්තා කොවිඩ් ආසධිතයෙකු බවට තහවුරු වී තිබෙනවා.

අදාළ පුද්ගලයා තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පමණ පුද්ගලයෙකු වන අතර ඔහු පසුගිය 12 වනදා ස්වයං නිරෝධායනයට ලක්කිරීමෙන් පසු PCR පරීක්ෂණය සදහා අවශ්‍ය නියදි ලබාගෙන සිටින අතර තුර උදරයේ අමාරුවක් ඇතිවී ඇති බව පවසමින් හම්බන්තොට මහරෝහලට පැමිණ තිබුණා.

ඊයේ දින අදාල තැනැත්තා කොවිඩ් ආසාදිතයෙකු බවට සිදුකර තිබූ PCR පරීක්ෂණ මගින්ද තහවුරු වීමත් සමඟ ඔහු පිලිබදව සෙවීමේදී අදාල රෝගියා අසත්‍ය තොරතුරු ලබාදෙමින් හම්බන්තොට මහරෝහලට තුලත්වී ඇතිබවට කරුණු අනාවරනය වුණා.

එමෙන්ම රෝගී පුද්ගලයා යාල ජාතික වනෝද්‍යානය ආසන්නයේ ඇති හෝටලක සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කර තිබෙන අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකින් පැමිණි අය සදහා මොහු විසින් මඟ පෙන්වා තිබෙනවා.

එහිදී පැමිණි අයෙකුගෙන් මොහුට මෙම රෝගය ආසාදනය වීද යන්න සෙවීම සදහා සෞඛ්‍ය අංශ පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

කෙසේ නමුත් අදාල ආයතනයේ මොහු සමඟ ආයතනය තුල සේවකයින් 61 ක් හා පිටත සේවකයින් 61 දෙනෙකු සිටින බවත් වාර්තා වනවා.

එමෙන්ම හම්බන්තොට මහරෝහලේ ඔහුට ප්‍රතිකාර කර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *