Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිරෝධායනය අවසන් කර තම නිවස බලා යමින් සිටි අයෙකුගේ මළ සිරුරක් මහ මග තිබී හමුවී ඇති බව පුත්තලම පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ පුත්තලම – සේවා මාවත පදිංචිව සිටි ධර්මලිංගම් වසන්දන් (අවු:55) නම් අයෙකි.

පසුගිය 04 වැනිදා රාත්‍රීයේ මිය ගොස් ඇති අයගේ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ තිබී හමු වී ඇත.

මිය ගොස් ඇති අය හෙට්ටිපොල ප්‍රදේශයේ ආපන ශාලාවක (හෝටලයක) සේවය කරමින් සිට ඇත. එම හෝටලයට පැමිණ ගිය අයෙකු කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව එහි සේවය කළ සියළුම දෙනා නිරෝධායනය යොමු කර ඇත. ඔවුන් නිරෝධායනය වී ඇත්තේ සේවය කරමින් සිට ඇති හෝටලය තුළමය.

පසුගිය 04 වැනිදා ඔහු තම නිරෝධායනය අවසන් කර නිවස බලා පැමිණ ඇත. නමුත් ඔහු නිවසට ගොස් නැති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත. ඔහු සම්බන්ධයෙන් සිදු කර ඇති අවසන් පී.සී.ආර්.පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හෙතෙම කොරෝනා ආසාධිතයෙකු නොවන බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *