Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිරෝධායනය සඳහා රැගෙන ගිය පිරිසකගෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දස දෙනකුට මේ වන විට මරණ තර්ජන එල්ල වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති ඒ. යූ. ටී. කුලතිලක සඳහන් කළා.

ඔවුන්ට නිරෝධායනය වීමට සිදු වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිසා යැයි කියමින් මරණ තර්ජන එල්ල කරන බවත් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළා.

නිරෝධායන මධ්‍යස්ථානවල සිට පමණක් නොව රෝහල්වල සිට පවා මෙම තර්ජන එල්ල කෙරෙන බව කී උප සභාපතිවරයා කවර තත්ත්වයන් යටතේ වුව රාජකාරි කිරීමට පසුබට නොවන බවත් සඳහන් කර සිටියා.පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් ජනතාවගේ සහාය අවශ්‍ය බවත් ඒ මහතා සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *