Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දැනට දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 01 වනදා උදෑසන 4ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

එයට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

පසුගිය අගෝස්තු මස 20 වනදා රාත්‍රියේ 10 සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබීය.

මේ අතර සිසුන් 200ට අඩු දකුණු පළාතේ පාසල් එළඹෙන ඔක්තෝම්බර් මස 15 වන දා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා පවසනවා.

ඒ සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

තවද මේ පිළිබඳව සටහනක් තබමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා Twitter පණිවිඩයක් ද නිකුත් කොට තිබෙනවා.

img 9964

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.