Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිරෝධායන සෞඛ්‍ය නීති කඩ කරමින් පොලීසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරූ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කිරුළපන පොලීසියෙන් විමසූ අවස්ථාවේ එහි නිලධාරියෙකු කියා සිටියේ එම රංගන ශිල්පියා මුඛ ආවරණයක් නොමැතිව රජය විසින් ලබාදෙන රුපියල් 5,000 දීමනාව ලබා ගැනීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

මුඛ ආවරණය පැළද නොසිටීම හේතුවෙන් මුඛ ආවරණයක් පැළද එම ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් නිලධාරින් විසින් අවවාද කිරීමට ගිය අවස්ථාවේදී රංගන ශිල්පී විල්සන් කරූ විසින් පොලීසියට පහරදීමට උත්සාහ දරා තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි සිවිල් ආරක්ෂක බළකායේ කඳවුර වහාම ක්‍රියාත්මක වන පිරිදි හුදෙකලා කිරිමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *