Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගල්ගමුව පොලිස් වසමේ මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබූ මළ සිරුරු 3ක් සොයා ගැනීමට ගල්ගමුව පොලිසිය අද උදෑසන සමත්වුණා.

අද උදෑසන මෙම නිවස පරීක්ෂාවට ලක් කෙරුණේ ගල්ගමුව පොලීසියට ලද තොරතුරක් මතයි.

සොයාගත් සිරුරු තුන අතරේ වයස අවුරුදු විසි අටක් පමණ වන පිරිමි සහ කාන්තා මළ සිරුරු දෙකක් සහ වයස අවුරුදු දහයක් පමණ වන පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ද ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.

මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ මියගිය කාන්තාව සහ පිරිමි පුද්ගලයා අදාළ කාන්තාව සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදි අනාවරණය වී තිබේ.

ඔවුන් දෙදෙනා අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් අදාළ පුද්ගලයා විසින් එම කාන්තාව සහ ඇයගේ 10 හැවිරිදි පිරිමි දරුවා ඝාතනය කර පසුව ඔහුද සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සැකපළ කරයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන්යෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් අද සිදු කිරීමට නියමිත අතර ගල්ගමුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *