Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින අධික වර්ෂාපතනය නිසා අගුරුවැල්ල වරකාපොල මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටී තිබේ.

අදාළ අවස්ථාවේ දී නිවාස පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයකු මුදවා ගැනීමට යුද හමුදා භට පිරිස් සමත් වී තිබේ.

මුදවා ගත් පුද්ගලයා (පියා) ප්‍රථිකාර සඳහා වරකාපොල රෝහල වෙත යොමුකර ඇති අතර, අනෙක් අයව ගලවා ගැනීම සඳහා යුධ හමුදාව අඛණ්ඩව කටයුතු සිදුකරමින් පවතී.

පස්කන්දකට යටවීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත.

යුධ හමුදාවට සහය දක්වමින් වරකාපොල පොලිසිය සහ ගම්වාසින් එක්ව ධාරානිපාත වර්ෂාව නොසලකා නිවස තුල සිටි අනෙක් පිරිස සොයා මෙහෙයුමක් දියත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *