කෙසෙල්වත්ත පොලිස් වසම තුළ පදිංචිව සිටියදී අතුරුදන් වූ බව කියන බාලවයස්කාර ගැහැණු ළමුන් තිදෙනා ඔවුන්ගේ දෙමාපියන් වෙත බැඳුම්කරවල යටත් ව මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
කෙසෙල්වත්ත පොලිසිය විසින් එම ගැහැණු ළමයින්නා තිදෙනා අද (10) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවට පමුණුවනු ලැබීය.
එහිදී පොලීසිය කළ ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ දැරියන් තිදෙනා බැඳුම්කරවලට යටත්ව ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාරදෙන ලෙස නියෝග කළේය.
මින් මතුවට නිවසට නොදන්වා පිටව ගියහොත් එම බැඳුම්කරය අවලංගුකර ළමා ආරක්ෂක මධ්‍යස්ථානයක් වෙත යොමුකරන බව මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ දැරියන් තිදෙනාට තරයේ අවවාද කරන ලදි.
අනතුරුව එම පැමිණිල්ල නැවත ලබන 16 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය