Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සිය නිවසේ ගබඩාකර තිබූ පෙට්‍රල් වලට ගිනිගැනීම හේතුවෙන් වයස අවුරුදු 9ක් වූ පිරිමි දරුවෙකු අද (4) උදැසන මිය ගොස් ඇත.

හෙම්මාතගම ගිනිහප්පිටිය බෝගොල්ලවත්ත අංක 99බී නිවසේ පදිංචි අභීෂ මධුෂික විමලසේන නම් වයස අවුරුදු 9ක් වූ දරුවා ගින්නට හසු වී මෙසේ මරණයට පත්ව ඇත.

මේ දිනවල පවතින ඉන්ධන හිගය හේතුවෙන් පෙට්‍රල් අතිරික්තයක් සිය ගිනිහප්පිටිව නිවසේ කාමරයක ගබඩා කර තිබී ඇති අතර උදෑසන 9.40ට පමණ නිවසේ කාමරයේ පෙට්‍රල්වලට ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් කාමරයේ සිටි දරුවා ගින්නට හසු වී බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව වාර්තා වේ.

කෑ/මාව/දේවී බාලිකා මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 3 වසරේ ඉගෙනුම ලබමින් සිටි මෙම දරුවා උදෑසන නිවසේ සිට ඇති බවත් ඔහුගේ අයියා නිවසින් බැහැරව එම මොහොතේ සිට ඇති බවත් මිත්තනියද නිවසේ සිට ඇති අතර හදසියේ විශාල ගිනි ජාලාවක් කාමරයේ හටගෙන ඇති අතර අවට ප්‍රදේශවාසීන්ද දිව ආ නමුත් අවසනාවන්ත ලෙස ගින්නට හසුවූ අභීෂ මධුෂාන් එම ස්ථානයේදීම අවසන් හුස්ම හෙලා ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ ඉන්ධන හිගයට විසඳුමක් ලෙස අතිරික්තයන් නිවෙස් වල ගබඩාකර තබා ගැනීම අනතුරුදායක බවත් එම හේතුවෙන් මෙසේ අවාසනාවන්ත ලෙස මල් කැකුලකට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවී ඇති බවත් ඉදිරියේදී මෙසේ ඉන්ධන පිරවුම් හල් වලින් බෝතල් වලට ඉන්ධන ලබා නෙදෙන ලෙසට වගකිවයුතු බලධාරීන්ගෙන් ඔවුන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.