ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ සිරවී සිටි ශ්රී ලාංකික සිසුන් 93 දෙනෙකු අද (24) පස්වරුවේ දිවයිනට පැමිණියා.
ශ්රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 1425 දරන ගුවන් යානය මගින් අද සවස 3.30 ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන් පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
එම සිසුන් සියලු දෙනා ගුවන් තොටුපළේ සිට නීරෝධායන කටයුතු සදහා පිටත් කර හරිනු ලැබුවා.