Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පක්ෂ අභ්‍යන්තරයේ පවතින මත ගැටුම් හේතුවෙන් දැනට අධිකරණ ක්‍රියාවලි වෙත යොමු වී ඇති පක්ෂවල ක්‍රියාකාරීත්ව තාවකාලිකව අක්‍රිය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

එවැනි පක්ෂ 6ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ.

එම පක්ෂවල ලේකම් ධුර, සභාපති ධුර ඇතුළු තනතුරු සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු ඉදිරිපත් වීම හමුවේ නීතිමය ගැටලු මතු වී ඇති බැවින් එම පක්ෂ අදාළ ගැටලු විසඳා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී තිබෙනවා.

එම අධිකරණ කටයුතු අවසන් වනතෙක් අදාළ පක්ෂ තාවකාලිකව අක්‍රිය කිරීමට තීරණය කර ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව අදාළ නීතිමය කටයුතු අවසන් වනතෙක් එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත් වීමේ අවස්ථාව හිමි නොවන බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා.

කෙසේවෙතත් අදාල පක්ෂවලට අගතියක් වන බැවින් එම පක්ෂවල නම් හෙළි කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *