Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව, පන්නල ප්‍රදේශයේ නිවසක ඊයේ (අප්‍රේල් 24) රාත්‍රී 7.30ට පමණ පිපිරීමක් සිදුව තිබේ.

එම පිපිරීමෙන් එක ම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 22 සහ 27 වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් දෙදෙනාගේ දෙඅත්වලට බරපතළ හානි සිදුව ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඔවුන් දෙදෙනා සිය නිවසේ කුෂන් වැඩපොළක් පවත්වාගෙන ගොස් තිබේ.

එහිදී ත්‍රී රෝද රථයක වහලයේ ආවරණයට යොදන යකඩ බටයකට රතිඤ්ඤා තුළ ඇති වෙබි බෙහෙත් පුරවා එය ග්‍රයින්ඩරයක් මගින් කැපීමට යාමේදී පිපිරුම සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද එම ස්ථානයට කැඳවා තිබූ අතර අදාළ පුද්ගලයන් දෙදෙනා ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වූයේ ද යන්න සෙවීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *