Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගිය සැප්තැම්බර් 18වන දා යනු GTA V හි සංවත්සරය වුවත් එදින Rockstar Games ආයතනයට ඉතා අඳුරුතම දිනයක් විය.

ඒ GTA Forum එක වෙත නිර්නාමික පරිශීලකයෙකු විසින් ඉදිරියේදී නිකුත් වීමට නියමිත යැයි සැලකෙන GTA VI හි Videos 90කට අධික ප්‍රමාණයක් පළ කර තිබීමයි. 

මෙය පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ විශාලතම සහ වැඩිම හානියක් සහිත දත්ත කාන්දුව ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ද ලක්වුනා.

මේ අතර අදාළ දත්ත කාන්දුව සම්බන්ධව දැනට සිදුකරගෙන යන පරීක්ෂණයක් කොටසක් වශයෙන් එංගලන්ත පොලිසිය විසින් අදාළ සිදුවීමට සම්බන්ධ සම්බන්ධ යැයි සැක කෙරෙන 17 හැවිරිදි තරුණයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රොයිටර් මාධ්‍යවේදී Matt Keys විසින් මෙම අත්අඩංගුවට ගැනීම කෙළින්ම Rockstar Games සිදුවීමට සම්බන්ධ බවටද පවසා ඇත.

මැට් කිස් සඳහන් කරන ආකාරයට මෙම 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමේ කාර්යය ලන්ඩන් පොලිසිය සහ FBI ආයතනය විසින් ඒකාබද්ධ ව සිදු කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබද වැඩිදුර තොරතුරු ලන්ඩන් පොලිසිය විසින් ඉදිරියේදී හෙළිදරව් කරන බවත්, FBI ආයතනයෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් ඉදිරියේදී බලාපොරොත්තු වියහැකි බවත් මැට් කීස් වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *