Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලෝක දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක තරුණ සංගමය විසින් සිදු කරන නිහඬ විරෝධතාව මේ වන විට පැවැත්වෙනවා.

ඒ, කොළඹ නෙලුම්පොකුණ රඟහල ඉදිරිපිටයි.

ගෝලීය දේශගුණ විපර්යාසන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක වැඩසටහනට සමගාමීව වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක තරුණ සංගමය අද (19) දින මහජනතාව දැනුවත් කිරීමේ කිරීමේ වැසටහනක් මෙම ස්ථානයේ සංවිධානය කර තිබේ.

ඒ, මේ වනවිට මෙරට තුළ ස්ථාන කිහිපයක සිදු වෙමින් ඇති පරිසර හානි පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීමේ අරමුණිනි.

එම වැඩසටහන වෙනුවෙන් අඩි 20 ක් උස අඩි 70 ක් දිග මෙම සිතුවම නිර්මාණය කර ඇත.

අද උදෑසන කොළඹ නගර සභා සේවකයින් පිරිසක් මෙම සිතුවම ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

නෙලුම් පොකුණ රඟහල අසල විහාර මහා දේවි උද්‍යානයේ ඉදිකර තිබූ දැවැන්ත පෝස්ටරයක් (මියුරල් චිත්‍රය) ඉවත් කිරීමට ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් අනුව, ඔවුන් කටයුතු කර ඇති බව වාර්තා වනවා.

අඩි 70 × 20 ක් උසැති මෙම දැවැන්ත පෝස්ටරයේ වනජීවී සොබාදම් සංරක්ෂණ සංගමයේ තරුණ කණ්ඩායමට අයත් පිරිසක් විසින් නිර්මාණය කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ සහ පොලිසියේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඊයේ රාත්‍රියේ මෙම පෝස්ටරය එම ස්ථානයේ ඉදිකර ඇති බව සංවිධායකයෝ සඳහන් කරයි.

කෙසේ වෙතත්, මාධ්‍ය එම ස්ථානයට පැමිණ සියලු අනුමැතීන් පෙන්වීමෙන් පසු මියුරල් චිත්‍රය නැවත සකස් කර ඇති නමුත් මඳ වේලාවකට පෙර එය නැවත වරක් පහතට හෙලීමට කටයුතු කරන බවට තහවුරු කරන ලද තොරතුරක් ලැබුණි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *