ගම්පොළ නගරයේ පල්ලියක යාච්ඥා කරමින් සිටි 50 දෙනකු අතුරින් කොරෝනා ආසාදිතයෙක් හමු වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගැනුණා.
ඔවුන් මුහුණු ආවරණ පවා නොමැතිව සිටි බවයි වාර්තා වන්නේ.
ගම්පොළ නාවලපිටිය මාර්ගය දෙපස සිටින පිරිස් මෙසේ නිරෝධායනයට ලක් කර තිබෙනවා.
කොරෝනා අවදානම සමඟ මෙම පල්ලිය තුළ ආගමික වතාවත් සිදුකිරීමට සෞඛ්‍ය අංශ මගින් නියම කර ඇත්තේ 25 දෙනකුට පමණයි.
Image Source – Getty Images