Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම මත පදනම්ව මෙරට ජනතාව පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය දැක්වෙන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ ලබන මැයි මස 31 වනදා දක්වා බලපැවැත්වෙන ආකාරයෙන්.

ඒ අනුව විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන වසා තැබෙනු ඇති.

පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් සියයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැකියි.

උපකාරක පන්ති සඳහා අවසර ලැබෙන්නේ නැහැ.

මංගල උත්සව වෙනුවෙන් ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 නොඉක්මවන ලෙසට උපරිම වශයෙන් අමුත්තන් 150 දක්වා ආරාධනා කිරීමේ හැකියාව පවතින අතර ලබාදී ඇති උපදෙස්වලට අනුව කටයුතු කළ යුතුයි.

කොවිඩ් හේතුවෙන් මරණයට පත්වූවන්ගේ හැර අනෙක් අවමංගල්‍ය උත්සව සඳහා ලබාදී ඇති උපදෙස්වලට අනුව ඕනෑම වේලාවක උපරිම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකුට පමණක් සහභාගී විය හැකියි.

පැමිණෙන පුද්ගලයන් ප්‍රමාණය අවම කිරීමට ගත හැකි සියලු පූර්වාරක්ෂාවන් ගත යුතු බවටයි දන්වා ඇත්තේ.

පොදු ප්‍රවාහන සේවාවලදී බස් රථවල මෙන්ම දුම්රියේ ආසන ධාරිතාව දක්වා මගීන් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර හිමි වනවා.

මෝටර් රථ සහ ත්‍රී රෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙකකට සීමාවන අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාව දක්වා සීමා වනවා.

රජයේ සහ පෞද්ගලික කාර්යාලවලට උපදෙස් ලබාදී ඇත්තේ අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමට අවසර ඇති බවයි.

හැකි සෑම විටකම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබාදිය යුතු බවට ද මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ඇතුලත්.

අධිකරණවල ලබාදිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 50% ප්‍රමාණයක් පිරෙන ආකාරයට පුද්ගලයන් ඇතුලුකර ගත හැකි අතර ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතුයි.

 බන්ධනාගාර සඳහා අමුත්තන්ගේ පැමිණීම සීමා කර තිබෙනවා.

විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව
විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව
විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව
විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව
විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *