වැඩබලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයෙකු මීට සුළු මොහොතකට පෙර දිව්රුම් දුන්නා.
මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙලෙස වැඩබලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පත්වීම් ලැබුවා.
ඔහු මිට පෙර ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරමින් සිටිනවා.
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින විෂයභාර අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කරනු ලැබ සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
මේ අතර රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්කර තිබෙනවා.
ඔහු මීට පෙර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූවා.
රණසිංහ මහතා ද අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා.